ශ්‍රී ලංකා මිරර් කළ විමසීකදී ඒ මහතා අපවෙත කියා සිටියේ එය සම්පූර්ණ අසත්‍යක් බවයි.
කෙසේවුවද, මාධ්‍ය වාර්තා පැතිර ඇත්තේ චැනල් අයි (Channel Eye) නාලිකාව සොෆ්ලොජික් සමාගම විසින් මසකට රුපියල් මිලියන 40 ක උපරිම බදු මුදලකට යටත්ව කුලියට ගැනීමට සැරසෙන බවයි.
අදාළ ගිවිසුමට අනුව රූපවාහිනියේ කාර්යමණ්ඩලයද ලබාදිය යුතු බවත්, එසේම රූපවාහිනිය සතු ස්ටුඩියෝ තුනෙන් එකක් ද චැනල් අයි (Channel Eye) නාලිකාව වෙත ලබාදිය යුතු බවයි.
මේ ගනුදෙනුවෙන් පසුව එහි වත්මන් සභාපති සොනාල ගුණවර්ධන මහතා රූපවාහිනියෙන් ඉල්ලා අසවීමට යන බවද එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.
කෙසේවුවද, රූපවාහිනියේ යූටියුබ් නාලිකා කළමනාකරනය කරමින් සිටි විශ්මිත ආයතනය ඉන් ඉවත්කර ඒවා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන "ටීවී දෙරණ" හි ඩිජිටල් ක්‍රියාකාරිත්වය මෙහෙයවන "අයිඩියාහෙල් (IdeaHell)" වෙත ලබාදීමට කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට සහ එහි සභාපති සොනාල ගුණවර්ධන මහතාට එරෙහිව මේවන විට කොළඹ අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
සබැඳි පුවත්
YouTube දෙරණට දුන්නට රූපවාහිනියට, සභාපතිට අතුරු තහනම් නියෝගයක්
රූපවාහිනියේ ඩිජිටල් ආදායම දෙරණට දී පඩි ගෙවන්න ට්‍රෙෂරියෙන් සල්ලි ඉල්ලයි
රූපවාහිනියට 40 පිරෙද්දී DG ඉල්ලා අස්වෙයි; ඊළඟට කවුද?
සොනාල බිස්නස් අරඹයි: රූපවාහිනියේ යු ටියුබ් දෙරණට
පුවත්පත් මණ්ඩල පනත සංශෝධනයට, රූපවාහිනියට අධ්‍යක්ෂකලා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය!