රූපවාහිනී සභාපති හා එහි අධ්යක්ෂ මණ්ඩලයේ තීන්දුවකට අනුව මෙය සිදුකර ඇති බව වාර්තා වේ.
කෙසේවුවද, මොවුන් අදාළ තීන්දුව ගෙන ඇත්තේ එහි අධ්යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වී සිටියදීය.
සැලලිහිණියා වෙනුවට ආ බූරුවා..
රූපවාහිනියේ පනතට අනුව සාමාන්‍යයෙන් පරිපාලන තීන්දු ගැනීමට එහි අධ්යක්ෂ ජනරාල්වරයා සිටිය යුතු වුවද සභාපතිවරයා ඇතුළු මේ පිරිස අදාළ තීන්දුව ගෙන ඇත්තේ කෙසේද යන්න පිළිබඳව ද මේවන විට ගැටලු මතව තිබේ.
මානව හිමිකම් කඩ කරන බවට ශ්‍රී ලංකාවට ඇගිල්ල දිගුව තිබියදී එහි සභාපති සොනාල ගුණවර්ධන විසින් රූපවාහිනී ලාංඡයේ දෙමළෙන් හා ඉංග්‍රීසි බසින් වූ "රූපවාහිනී" යන කොටසද ගලවා දමා තිබේ.
ඉන් නොනැවතුන ඔහු ප්රවෘත්ති වේලාවද වෙනස් කරමින් මෙතෙක් රාත්‍රී 8.00ට විකාශය වූ රූපවාහිනියේ ප්‍රවෘති පස්වරු 6.50ට විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.
මේ අතර, රූපවාහිනියේ ලාංඡනය වෙනස් කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් රාගවන් මහතා රූපවාහිනී ලාංඡනය තුළ භාෂා තුනම තිබීම අත්‍යාවශ්‍ය බව සමාජ මාධ්‍ය වෙත අදහසක් දක්වමින් පවසා තිබේ.
කෙසේවුවද, සමාජ මාධ්‍ය ඔස්තාර් කෙනෙක් යැයි කියා ගන්නා රූපවාහිනී සභාපති සොනාලට රූපවාහිනියේ ලාංඡනය වෙනස් කිරීමෙන් පසුව නොසෑහෙන්න විවේචනය කර තිබේ.
අදාළ විවේචන කිහිපයක් පහත දැක්වේ.
සොනාලට තවත් නඩුවක්
රූපවාහිනියේ සේවකයන් අතර ඇති වට්ස්ඇප් සමූහ අතර ජාතික රූපවාහිනියේ කීර්තිමත් නිල ලාංඡනය වෙනස් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධතා මතුව ඇති අතර වෘත්තීය සමිති ඊට විරෝධය දක්වා සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට නඩු පැවරීමට සැරසෙන බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
සභාපති හා අධ්යක්ෂ මණ්ඩලයේ අදාළ ක්‍රියාව සම්බන්ධයෙන් රූපවාහිනී සේවක වට්ස්ඇප් සමූහ අතර හුවමාරුවන අදහස් කිහිපයක් පහත දැක්වේ.
ඩලස් රිලවෙක් සභාපති කරලා
මේ අතර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අජිත් පැරකුම් මහතා සිය ෆේස්බුක් පිටුවේ පොස්ටුවක් පලකරමින් රූපවාහිනියේ සභාපති රිලවෙකුට සමකර තිබේ.
වත්මන් සභාපතිවරයාව පත්කරනු ලැබුවේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසිනි.
මේ අතර, රූපවාහිනියේ යූ ටියුබ් නාලිකාවේ ආදායම අයිඩියාහෙල් ආයතනයට හැරවීම නීතිවිරෝධී ක්‍රියාවක් බව කියමින් සමාගමක් විසින් කොළඹ වානිජ මහාධිකරණයේ නඩුවක් ගොනුකර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
අයිඩියාහෙල් දිලිත් ජයවීර මහතාට හා අරුණි අමුණුගම මහත්මියට අයත් පවර් හවුස් ලිමිටඩ් සමාගමේ හිමිකාරිත්වය යටතේ ඇති දෙරණ මැක්රෝ එන්ටටේන්මන්ට්ස් හට අයත් සමාගමකි.
සබැඳි පුවත්
සොනාල බිස්නස් අරඹයි : රූපවාහිනියේ යූ ටියුබ් දෙරණට