කොවිඩ් වසංගතය හේතුවෙන් සැලසුම් කළ වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීම නිසා ආදායම අඩු වී ඇති බව කියමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ මුදල ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මසකට රූපවාහිනී සංස්ථාවේ සේවක වැටුප් ගෙවීමට හා දීමනා ගෙවීමට අවශ්‍ය මුදල රුපියල් මිලියන අනූවකි.
යූටියුබ් ආදායම දෙරණ පුන්යාතනයට
ලොතරැයි දිනුම් ඇදීම නතර වීම, අධ්‍යාපන වැඩසටහන් විකාශය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලැබුණු මුදල් නතර වීම හා එහි යූටියුබ් ආදායම පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන "ටීවී දෙරණ" හි ඩිජිටල් ක්‍රියාකාරිත්වය මෙහෙයවන "අයිඩියාහෙල් (IdeaHell)" ගිනුම වෙත හැරවීම යන කාරණා රූපවාහිනියේ ආදායම හීනවීමට හේතුවී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
ජනාධිපතිවරයාට ලැබුණු ඉල්ලීමකට අනුව රූපවාහිනියේ සභාපතිවරයා ලෙස පත්කරන ලද සොනාල ගුණවර්ධන නැමැත්තා අදාළ පත්වීම බාරගෙන දින 14ක් ඉක්මයාමට ද පෙර රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව එහි යූටියුබ් නාලිකා කළමනාකරණය සම්බන්ධයෙන් "අයිඩියාහෙල් (IdeaHell)" සමඟ ගිවිසුමක් අත්සන් කර තිබිණි.
අදාළ ගිවිසුමට අනුව එතෙක් රූපවාහිනිය වෙත ලැබුණු සෘජු යූටියුබ් ආදායම "අයිඩියාහෙල් (IdeaHell)" ගිනුමක් වෙත හරවා තිබේ.
IdeaHell අයිති දිලිත්ට හා අරුණිටයි
අයිඩියාහෙල් දිලිත් ජයවීර මහතාට හා අරුණි අමුණුගම මහත්මියට අයත් පවර් හවුස් ලිමිටඩ් සමාගමේ හිමිකාරිත්වය යටතේ ඇති දෙරණ මැක්රෝ එන්ටටේන්මන්ට්ස් හට අයත් සමාගමකි.
රූපවාහිනියේ යූටියුබ් ආදායම "අයිඩියාහෙල් (IdeaHell)" වෙත හරවා ඇති ආකාරය පහත දත්තවලින් දැකගත හැකි වේ. (මෙය ක්‍රියාත්මත වන්නේ 2022 වසරේ පසුගිය පෙබරවාරි 09 වැනිදා සිට බවද එහි දැක්වේ.)
සබැඳි පුවත්
රූපවාහිනියේ අනන්‍යතාව සභාපති කෙළෙසයි; දෙමළත් හලයි
සොනාල බිස්නස් අරඹයි: රූපවාහිනියේ යු ටියුබ් දෙරණට
රූපවාහිනී ලොක්කෝ දෙරණ හා ගිවිසුම අත්සන් කිරීම මඟහරිති!