ඒ රූපවාහිනියේ සභාපතිවරයා විසින් රූපවාහිනී සංස්ථාවේ යූටියුබ් නාලිකා කළමනාකරණය කිරීම සඳහා ගිවිසුම්ගතව සිටි විශ්මිත එන්ටප්‍රයිස් ආයතනය ඉන් ඉවත්කර සභාපතිවරයා හිතුමතේ මිත්‍ර සමාගමක් වන "අයිඩියාහෙල් (IdeaHell)" වෙත පැවරීමට එරෙහිවය.
ඒ අනුව විශ්මිත සමාගම හා රූපවාහිනිය අතර 15-11-2021 දින අත්සන් කරන ලද ගිවිසුමේ දක්වා ඇති සේවාවන් වෙනත් පාර්ශවයකින් ලබා ගැනීම වළක්වාලමින් මේ අතුරු තහනම් නියෝගය කොළඹ අභියාචනාධිකරණය විසින් නිකුත් කළේය.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් වන "ටීවී දෙරණ" හි ඩිජිටල් ක්‍රියාකාරිත්වය මෙහෙයවන "අයිඩියාහෙල් (IdeaHell)" විසිනි.
අයිඩියාහෙල් දිලිත් ජයවීර මහතාට හා අරුණි අමුණුගම මහත්මියට අයත් පවර් හවුස් ලිමිටඩ් සමාගමේ හිමිකාරිත්වය යටතේ ඇති දෙරණ මැක්රෝ එන්ටටේන්මන්ට්ස් හට අයත් සමාගමකි.
මේ අතර, රූපවාහිනිය වෙත සෘජුවම ලැබුණු එහි යූටියුබ් ආදායමද "අයිඩියාහෙල් (IdeaHell)" වෙත හැරවීමට එහි සභාපතිවරයා කටයුතු කර තිබේ.
සබැඳි පුවත්
රූපවාහිනියේ ඩිජිටල් ආදායම දෙරණට දී පඩි ගෙවන්න ට්‍රෙෂරියෙන් සල්ලි ඉල්ලයි
සොනාල බිස්නස් අරඹයි: රූපවාහිනියේ යු ටියුබ් දෙරණට
රූපවාහිනියේ අනන්‍යතාව සභාපති කෙළෙසයි; දෙමළත් හලයි